පොලීසියෙන් බේරෙන්න තට්ටු 3කින් පැනලා – CCTV දර්ශන

null

නිට්ටඹුව – පස්යාල ප්‍රදේශයේ තරුණයෙකු ගොඩනැගිල්ලක තුන්වන තට්ටුවෙන් බිමට වැටී මියයාම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය 2 වනදා රාත්‍රියේ අදාල තරුණයා අත්තනගල්ලේ පිහිටි නිවසට යතුරු පැදියකින් යන අතර පස්යාල හන්දියේදී කුඩා ලොරියක හැපීමෙන් රියඅනතුරක් සිදුවී ඇත. මෙම අනතුර නිසා එම අවස්ථාවේ ලොරියට සුලූ අලාභ හානී සිදුව ඇති අතර එය යතුරු පැදිය පැදවූ ගයාන්ගේ දෝෂයක් නිසා සිදුවූ බව කියමින් ලොරි රියදුරු හා ගයාන් අතර බහින්බස්වීමක් සිදුව ඇත.

එහිදී අසල සිටි අයෙක් පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකුට ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියා සහ මෙම තරුණයා අතර පොර බැඳීමක් සිදුව ඇති බව ද පරික්ෂණවලදී හෙළි වී තිබේ.

එම අවස්ථාවේ අදාල තරුණයා බියවී පොලිස් නිලධාරියාගෙන් මිදී පලාගොස් තිබෙන අතර එම ස්ථානයට මීටර සියයක් පමණ දුරින් තිබුණ තෙමහල් ගොඩනැගිල්ලක බැල්කනියක් වෙත නැගගත් ඔහු පොලිසිය ලූහුබඳිනු ඇතැයි සිතා වහාම බැල්කනියෙන් අනෙක් පසට ගමන් කර ගොඩනැගිල්ලේ අනෙක් පසින් බිමට බසින්නට උත්සාහ කර තිබුණි.

එහිදී ඔහු තට්ටු තුනක ගොඩනැගිල්ලෙන් බිමට ඇදවැටී මියගොස් තිබේ. පසුව කළ සෝදිසියේදී පළාගිය තරුණයා ගොඩනැගිල්ලේ අනෙක් පස මියගොස් ඇති බව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පස්යාලේ ගරාජයක වැඩකරන 32 හැවිරිදි ගයාන් නමැති තරුණයෙකි. කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බවයි.

මියගිය තරුණයා බැල්කනියට එක්පැත්තකින් පැමිණ අනික් පැත්තෙන් පැන්න හැටි සීසීටීවී දර්ශනය පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>