පොලීසියේ දෙදෙනෙකුට තියුණු ආයුධවලින් ප්‍රහාරයක්

null

මාතර – වැලිගම – මිදිගම පොලිස් මුරපළේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට සහ සැරයන්වරයෙකුට පුද්ගලයන් 5 දෙනෙකු තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

දේශපාලන පක්ෂයක අපේක්ෂකයන් පිරිසක් ඊයේ (09) පස්වරුවේ මිදිගම ප‍්‍රදේශයේ සිය ප‍්‍රචාරක කටයුතු සිදුකර තිබෙන අතර පෞද්ගලික හේතුවක් මත ඔවුන්ට කිසියම් පිරිසක් පහරදීමට සැලසුම් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එ් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මිදිගම ප‍්‍රදේශයට ගොස් තිබේ.

එහිදී සැඟව සිටි පස්දෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණ විය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමෙන් බරපතල තුවාල සිදුව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>