පොළොන්නරුවේ සුළු භූ කම්පනයක්
පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (11) රාත්‍රී භූ කම්පන තත්ත්වයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගිරිතලේ, බකමූණ, කඳුරුවෙල සහ දියබෙදුම යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ 8 යි 30 ත් 9 ත් අතර කාලසීමාව තුළ මෙම භූ කම්පනය සිදුව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ මහකනදරාව සහ හක්මණ පිහිටා ඇති භූ කම්පන මාන වල එම භූ චලනය සටහන් වී ඇත්තේ ඒකක 2 යි දශම 9 ක සුළු කම්පනයක් ලෙසය.
තම නිවාස වල රූපවාහිනි ඇන්ටනා පවා බිම වැටුණු බව පවසන ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ඉහළ අහසේ සිට දීප්තිමත් ආලෝකයක් පොළොව දෙසට වේගයෙන් ගමන් කරන අයුරු දුටු බවත්, එය පොළොවට ආසන්නවත්ම පුපුරා ගිය බවත් ඒත් සමගම කම්පන තත්ත්වයක් ඇතිවූ බවත් ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ පරීක්ෂණයක් ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.