පොළොන්නරුව අහසේ හඳුනානොගත් වස්තුවක් හා ශබ්දයක්

ufo
අනුරාධපුරය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජනතාව අහසේ හඳුනා නොගත් දීප්තිමත් එළියක් දැක තිබේ. එම ප්‍රදේශවාසීන් පවසන්නේ ගිනි බෝලයක් වැනි එය ටික වෙලාවකට පසු පුපුරා ගිය බවයි. ඒ සමඟ පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් කහටගස්දිගිලිය, හබරණ, පොළොන්නරුව සහ ගලෙන්බිඳුණුවැව වැසියෝ් එම පොලිසි වලට දැනුම්දී තිබේ.

පුපුරා ගියේ කුමක්ද යන්න හෝ කැබලි වැටුණේ කුමන ප්‍රදේශයකට ද යන්න ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පවසයි.

පොළොන්නරුවේ අරලගංවිල, වැලිකන්ද හා හිඟුරග්ගොඩ බටු කොටුව ප්‍රදේශයේ ද අහසේ දීප්තිමත් ආලෝක ධාරා කිහිපයක් දුටු බවට මුලින් වාර්තා වූ නමුත් පොලිසිය පැවසුවේ රාත්‍රී 11 වන විටත් එම ප්‍රදේශවලින් එවැනි සිද්ධියක් වාර්තා නොවූ බවයි.

මේ අතර, ප්‍රදේශ කිහිපයකින් මෙවැනි ශබ්දයක් ඇසුණු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ද වාර්තා වී ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>