12 Nov 2015
පෞද්ගලික අංශයට රු. 2500කින් පඩි වැඩිකිරීමේ යෝජනාවක්
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 2500කින් වැඩි කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කියයි.
ඊට අදාළ කෙටුම්පත් සකස් කර මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් අදාළ අංශ සමග සාකච්ඡා කරන බවත්, එසේම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ද සාකච්ඡා කරන බවත්, හෙතෙම පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම, රාජ්‍ය ආයතනවල දැනට සේවය කරන මෑන්පවර් සේවකයින් සියලූම දෙනා ස්ථිර කිරීමටත්, ඉදිරියේදී මෑන් පවර් ක්‍රමයට සේවකයින් බඳවා නොගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.