බට්ටිට පහරදුන් පොලිස් නිලධාරියා නැවතත් සේවයට

null

රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීමේ චෝදනා මත සේවයෙන් තාවකාලිකව ඉවත් කර සිටි පොලිස් නිලධාරියා යළි රාජකාරී සඳහා අනුයුක්ත කර තිබේ. ඒ අනූව එම නිලධාරියා අවිස්සාවේල්ල පොලීසියට අනුයුක්තව සේවය කිරීම සඳහා පත්කර ඇත.

මෙලෙස ඔහුගේ වැඩ තහනමට ලක්වුයේ රත්නපුර නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පල ආසන්නයේදී කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමෙන් පසුවයි. එම සිද්ධිය රහසිගතව රූපගත කර අන්තර්ජාලයට මුදා හැරීමට එම ස්ථානයේ සිටි අයෙකු පියවර ගෙන තිබුණි. ඉන් අනතුරුව මෙම සිද්ධිය ජනමාධ්‍ය හරහාද ප‍්‍රසිද්ධ වීමෙන් පසු අදාල නිලධාරියාගේ වැඩ තහනමට ලක් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තා.

පසුව කල විමසීම් වලදී තිසේරා නැමති මෙම පොලිස් නිලධාරියා පවසා ඇත්තේ අදාල ස්ථානයේදී එම කාන්තාව කලහකාරී ලෙස හැසිරුණ නිසා පහරදුන් බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වුු වීරසිංහආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටී පසුගිය 3 වන දා පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් භාරදුන් අතර මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 5ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>