බඳින තුවක්කුව පත්තුවී සිසුවෙකු මියයයි

dead
විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද කැලයක දී බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් අනුරාධපුර, ඇලපත්ගම ප්‍රදේශයේ පදිංචි වයස 14 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ. මිය ගිය සිසුවා ඔහුගේ මිතුරෙකුද සමඟ බඳින තුවක්කුවක් රැගෙන අදාළ කැලෑබද ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන් වෙයි.

මෙහිදී මිතුරාගේ අතේ තිබු තුවක්කුව වැරදීමකින් පත්තු වී මෙම ජිවිත අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද අනුරාධපුර පොලීසිය පවසයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරිම සඳහා මිය ගිය සිසුවාගේ මිතුරා අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය සිසුවාගේ මෘත ශරිරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>