28 Apr 2015
බඹර ප්රහාරයකින් පුද්ගලයෙක් මරුට
නෝර්වුඞ්, අයර්බීවත්ත ප්රදේශයේ දියනෑමට ගිය හැත්තෑනව හැවිරිදි (79) අයෙකුට බඹර ප්රහාරයක් එල්ලවීමෙන් ඔහු මරණයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ නෝර්වුඞ් අයර්බී වත්තේ පදිංචි එස්.දේවසගායම් නැමැති හැත්තෑනව හැවිරිදි (79) සිව් දරු පියෙකි.
අද උදෑසන මෙම මියගිය අය නෝර්වුඞ් අයර්බී වත්ත ප්රදේශයේ දියනෑමට ගිය අවස්ථාවේ විශාල ගසක් මතවූ බඹර කූඩුවක් උකුස්සෙකු ඇවිස්සීමෙන් පසු මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
බඹර ප්රහාරයට ලක්වූ ඔහු දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව වාර්තා වේ.
pics – නෙත් නිව්ස්