30 Jul 2015
බයික් එකේ අවසන් ගමන් ගිය සිසුවා
අනුරාධපුර, කලත්තෑව ප්රදේශයේදී අද (30) දහවල් 12ට පමණ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක සිසුවෙක්.
ඔහු සමග යතුරු පැදියේ පිටුපස ගමන්ගත් 12 හැවිරිදි පාසල් සිසුවෙකුද අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඔහු පැදවූ යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.