බල්ලන් සැප මෙට්ටවල හැදූ මව මහමග

null

දරුවන් හතර දෙනෙකුගේ එපා වු 88 හැවිරිදි මවක් ගලේවෙල බස් නැවතුමි පොලේ අතරමංව සිටියදී ඊයේ 14 දින පස්වරුවේ සොයාගත් බව ගලේවෙල පොලිසිය පවසයි.

මෙසේ අතරමංව ඇත්තේ පානදුර දකුණ පොලිස් බල ප‍්‍රදේශයට අයත් මාදුපිටිය පානගම්ව ප‍්‍රදේශයේ පදිංචි ආර්.එම් රොසලින් නමැති 88 වියැති අයෙක්.

මෙම මව පවසන පරිදි ඇයගේ වැඩිමහල් සහ මද්දුම පුතනුවන් දෙදෙනාම දැනට ගී‍්‍ර ලංකා පොලිසියේ සේවය කරන බවත් එකම දියණිය විශ්‍රාමික ගුරුවරයෙකු බවත් අනෙක් දරුවා බැංකුවක ඉහල නිලයක් දරන බවත් අනාවරණය වි තිබේ.

14 අලුයම මෙම මව ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට ගොඩකර ඇත්තේ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පදිංචි එම මවගේ පුතෙකු වන අදාල බැංකු නිලධාරියා බවත් එම මව පවසා තිබේ.

පොලිස් මුර කුටිය තුළදී මාධ්‍යවේදින් ඇසු ප‍්‍රශ්නවලට පිලිතුරු දුන් මව කියා සිටියේ තමන් මිට පෙරද දරුවන් විසින් මහලු නිවාස 3 ක රදවා ඇති බවයි.

තමන්ට හිමි දේපල සිය වැඩිමල් පුතාට බුක්තිය ලබා දිම නිසා අනෙක් දරුවන් තමන්ව නොසලකා හරින බවද ඉන්නට තැනක් නොමැති නිසා දරුවන් 4 දෙනා ලඟට යන විටදී එක එක දරුවන් වෙත මාරුවෙවි ඉන්න ලෙස ඔවුන් පවසන බවත් දියණියගේ නිවසේ සිටියදී තමන්ව ත‍්‍රිකුණාමලයේ පුතාගේ නිවසට යන ලෙස දැණුම් දුන් බවත් පුතාගේ නිවසේ දින කිහිපයක් සිටියදී වෙනත් පුතෙකුගේ නිවසිට යන් ලෙස තමන්ව බසයට ගොඩ කර එවු බවත් ඇය හඩා වැටෙමින් කියා තිබේ.

බලු පැටවුන්ට නිදාගැනීම සඳහා යොදා ඇති මෙට්ටයක බල්ලන් සමග දින ගණනාවක් ගත කළ බවත් ඇඟ පුරා බලු මැක්කන් දෂ්ට කිරීමට ලක්ව ප‍්‍රතිකාර ලබමින් සිටින බව ඇය පවසයි.

මෙම මව රෝහල් ගත කිරිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>