බලෙන් ගෙට ඇතුළුවී කාන්තාවක් සමූහ දූෂණයකට ලක්කරලා

null

රාත්‍රී කාලයේ නිවසකට ඇතුල් වී නිවෙස් හිමියා සිටිය දීම පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ රැදී සිටි කාන්තාවක් සමූහ දූෂණයකට ලක්කර රුපියල් විසි දහසක මුදලක් මංකොල්ලකා ඇතැයි නාඋල උස්අත්තතෑව ප්‍රදේශයේ කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ එක් සැක කරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (12) දින ඔහු ලග්ගල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා නාඋල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක ආරම්භකර ඇත.

කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිනිල්ලට අනුව අපරාධය සිදුකල තැනැත්තන් ගෙන් එක් අයෙකු අවිවාහක වසය 35ක පමණ පුද්ගලයෙකු බවත් අනෙක් පුද්ගලයා වයස 48ක පමණ විවාහක තිදරු පියෙකු වේ.

සිය නිවසේ සැමියා සමග සිටිය දී පැමිණි එම පුද්ගලයන් දෙදෙනා කුඩා දියණිය ඇදගෙන යැමට උත්සහ කල බවත් සැමියා විසින් දියණිය ආරක්ෂා කර ගැනිම සදහා උත්සහා කරන අවස්ථාවේ දී පැමිණි පුද්ගලයන් දෙදෙනා විසින් තමාව සමූහ දූෂණයකට ලක්කල බව ඇය පැමිණීල්ලේ සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් සැක කරු ඊයේ (12) දින ලග්ගල අධිකරණයට ඉදිරිපත් කළ බවත් අයුතු ඇතුල්වීම,දේපල සොරකම් කිරීම,ස්ත‍්‍රි දූෂණයක් සිදුකිරිම,අනර්ථයක් සිදුකිරිම ආදී චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්ථා කිරීමට නියමිත බව හිරු නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>