බසයේදී තරුණියකට අතවර කළ කොස්තාපල්ට වැඩවරදී

null

මාතලේ, ඇල්ලවල ප්‍රදේශයේදී බස් රථයක් තුළදී තරුණියකට ලිංගික අතරවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ති‍බේ.

මාතලේ පොලිසියට අදාළ තරුණිය කරන ලද පැමිණිල්ලක් මත සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාල පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ 35 හැවිරිදි ඇල්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (03) මාතලේ ඇල්ලවල ප්‍රදේශයේ ධාවනය වු බස් රථයක් තුළ ගමන් ගත් තරුණියකට අතවර කළ බවටයි සැකකාර පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වී ඇත. බස් රථයේ ගමන් ගත් මගීන්, සැකකරු අල්ලා පොලිසියට භාර දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>