බසයේ සීනුව නාද කළ එක්දරු මව බසයෙන් බිමට

null

ගිනිගත්හේන කොත්තැල්ලෙන සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් කළ කාන්තාවක් ඉන් බැසීමට යාමේදී අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.

ඊයේ (22) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප‍්‍රදේශයේදීය.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි දින දාසයක් (16) වයසැති තම සිගිතිය අසනීප තත්වයෙන් සිටි නිසා දින තුනක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සිය මව සමග රොසැල්ල ටෙම්පල්ස්ටෝ වත්තේ තම නිවසට යෑම සඳහා වටවල රෝහල අසලින් බස්රථයට ගොඩවී සිගිතිය තම මව අතට භාරදී දෙදෙනාම බස්රථයේ අසුන්ගෙන බස්රථයේ ගමන් කරන අවස්ථාවේදී රොසැල්ල ප‍්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට නැගිට සීනුව නාදකළ අවස්ථාවේ තමන් බස්රථයේ ඉදිරිපස දොරටුවෙන් බීට වැටුනු බව අනතුරින් තුවාල ලබා වටවල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන සිවාජී ගනේෂන් විස්තිරකලා (අවු.22) පවසා තිබේ.

බස්රථයේ රියදුරා වටවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව වටවල පොලීසිය පවසයි.

null
null
null
null

pics – නෙත්/හිරු නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>