බස් එකේදී පාසල් දැරියකගේ ඡායාරූප ගත් පුද්ගලා ගස් බඳියි

null

කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එහි සිටි පාසැල් දැරියකගේ ඇද සිටි ඇඳුමට යටින් සිය ජංගම දුරකතනයෙන් හොර රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසළ සිටි පුද්ගලයන් එය දැක ඔහුට පහරදී පොලිසියට භාරදී තිබේ.

මෙලෙස ඔහු සිය ජංගම දුරකතනයෙන් එම අවුරුදු 13ක් වයසැති දැරියගේ ඡායාරූප ගැනීම දැක ඇත්තේ තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසිනි. අනතුරුව අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් පිටිපන ප්‍රදේශයේදී බස් රථය නවතා එම පුද්ගලයා ගස් බැඳ, පසුව පොලීසියට බාරදී තිබේ.

මෙම පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහකයෙකු බවත්, බිරිඳ විදෙස්ගතව සිටින අතර, මෙසේ ලබාගන්නා ඡායාරූප තමන් අන්තර්ජාලයට මුදාහරින බවත්, මීට පෙරද මෙවන් සිද්ධීන්වලට තමන් හසුවී ඇති බවත් ඔහු පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>