බස් ගාස්තුත් අඩුවෙයිද?

null

ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් බස් ගාස්තුවලට ද සහනයක් ලබා දිය හැකි බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති රේණුක පෙරේරා මහතා පැවසුවේ ඉදිරියේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල පහළ දැමීමක් සිදුවූවද බස් ගාස්තු අඩු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඒ මෙම ඉන්ධන මිල පහල යාම බස් ගාස්තු අඩු කිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බව පවසමින්.

බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී සාකච්ඡා කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>