බස් ගාස්තු ඉහලට – අවම ගාස්තුව 12 යි
සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු ඉහළ නැංවීම අද (23) සිට ක්රියාත්මකයි.
මෙහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉදිරි වසර 2ක කාලයක් සඳහා යලි බස් ගාස්තු සංශෝධනයක් කිරීමට අවසර ලබනොදීමේ පදනම මත බස් ගාස්තු සංශෝධනය සඳහා අවසර ලබාදීමටයි.
නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 12කි.
මේ අතර ලංකා ගමනා මගන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සඳහා ක්රියාත්මක වන නව ගාස්තු සංශෝධන ඇතුළත් නිවේදනය ජාතික ගමනා ගමන කොමිසම් සභාව විසින් ඊයේ(22) ප්රකාශයට පත් කර තිබේ.
අධිවේගී මාර්ගවල ගාස්තු ද සංශෝධනය වී ඇති අතර අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල අතර ගාස්තුව රුපියල් 450කි.
මහරගම – මාතර රුපියල් 560ක්, කඩුවෙල – මාතර රුපියල් 580ක්, කොළඹ – තංගල්ල රුපියල් 740ක්, කොළඹ – හක්මන රුපියල් 580ක්, කොළඹ – වීරකැටිය රුපියල් 770ක්, කොළඹ – කතරගම රුපියල් 1013ක්, කොළඹ – දෙනියාය රුපියල් 750ක්, කොළඹ – මාතර රුපියල් 600ක්, කොළඹ – අඹිලිපිටිය රුලපියල් 900ක් ලෙස නව ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනා නගම කොමිසම් සභාව සඳහන් කරයි.
මීට අමතරව කඩවත – ගාල්ල රුපියල් 490ක්, කඩවත – මාතර රුපියල් 600ක්, කඩුවෙල – ගාල්ල රුපියල් 470ක් ලෙස නව ගාස්තු සංශෝධනය සිදු කර තිබේ.