බස් දෙකක් අතර සිරවී වැලමිටෙන් වෙන්වූ දරුවෙකුගේ අත සාර්ථකව බද්ධ කෙරේ

null

කොළඹ – නුවර පාරේ බැලූම්මහර මංසන්ධියේදී සිදුවූ බස් රථ අනතුරේදී දරුවාකුගේ වැලමිට ප්‍රදේශයෙන් අත වෙන් වී ගොස් ඇති අතර ඉන් පසුව ඔහුව රෝහල් ගත කර තිබේ.

බස්රථයකට තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී එක් බස් රථයක සිටි 15 හැවිරිදි මෙම පිරිමි දරුවාගේ දකුණු අත අනෙක් බස් රථයේ වැදී වැලමිට අසලින් කැපී වෙන්වී ගොස් තිබෙන අතර පසුව එම දරුවා කැඞී ගිය අත සමඟ පළමුවෙන්ම ගම්පහ රෝහලට ඇතුළත් කළ අතර, පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබ තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි එහිදී වෛද්‍ය සෙල්ව ගනේෂන් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් දරුවාගේ අත බද්ධ කිරීම සඳහා සැත්කම ආරම්භ කර තිබේ. පස්වරු 4.30 සිට රාත‍්‍රී 11.30 දක්වා සිදුකළ සැත්කමකින් අනතුරුව එම අත සාර්ථකව බද්ධ කළ බව වෛද්‍ය ප්‍රවීන් විජේසිංහ සඳහන් කර ඇත.

කෙසේ වුවත්, සැත්කමේ ප්‍රතිඵල සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි දින තුන තීරණාත්මක බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම අනතුරට පත්වුණේ ගම්පහ – වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ඕෂධ මධුශංක නමැති පාසල් ශිෂ්‍යයා යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>