බස් ධාවනය අඩුවක් නැතුව සිදුකෙරේ
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගම් බිම් බලා යන සහ ආපසු පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
සාමාන්‍ය දෛනික ප්‍රවාහන සේවා ද වෙනසකින් තොරව සිදුකෙරෙන බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඇතැම් බස් රථ මැතිවරණ රාජකාරියට යොදවා තිබීමත් බස් රථවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදීමත් නිසා අද සහ හෙට බස් රථ ධාවනයේ අඩුවක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් බස් රථවල එවැනි අඩුවක් සිදුවීමට තමන් ඉඩ නොදෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.
මගී අවශ්‍යතාව පරිදි අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ ධාවනය කරවීමට කටයුතු සම්පාදනය කර තිබේ.
මගීන්ට යම් ගැටලූවක් ඇතිවුවහොත් 1 9 5 5 ක්ෂණික අංකයෙන් ඒ පිළිබඳව තොරතුරු දැනුම්දිය හැකි වේ.