29 Jul 2015
කොළඹ බස් නැවතුමේ තිබූ බෑගයක අභිරහස් මළසිරුරක්
කොළඹ බැස්ටියන් මාවත – පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අද (29) පෙරවරු 9 ට පමණ සිරුර සොයා ගෙන ඇති බව පිටකොටුව පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අසළ සිටි වෙළෙන්දෙකු එම ගමන් මල්ල පරික්ෂා කර බැලීමේදී ඒ තුළ මළ සිරුරක් ඇති බවට හඳුනා ගැනීමෙන් පසු පිටකොටුව පොලීසියට දැනුම් දී තිබේ.
එම මළසිරුර කාන්තාවකගේ බවත්, කාන්තා ඇදුම් කිහිපයක් එහි තිබු බවත් බොහෝ විට එම සිරුර ගෘහ සේවිකාවකගේ විය හැකි බවත් පොලිසිය අනුමාන කරයි.
පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, තව ටික වේලාවකින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමටද නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත.