බස් රථයේ ගිය සල්ලාලයාට සහෝදරියන්ගෙන් ගුටි

null

ඉන්දියාවේ බස් රථයක් තුලදී තරුණියන් දෙදෙනෙකුට හිරිහැර කිරීමට උත්සහ කල පුද්ගලයෙකුට එම තරුණියන් දෙදෙනා පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධියට මුහුණ දී ඇති තරුණියන් දෙදෙනා ආර්ති (22) සහ පූජා (19) නැමති සහෝදරියන් දෙදෙනෙකි.

ඔවුන් පවසන්නේ අදාල පුද්ගලයා තමන් සිප ගැනීමට උත්සහ කර හිරිහැර කල බවයි. එම අවස්ථාවේ ඊට මැදි වූ සහෝදරියන් දෙදෙනා එම පුද්ගලයට පහර දී තිබේ. එක් තරුණියක් පැළඳ සිටි බෙල්ට් එක ගලවාගෙන ඔහුට පහරදෙන අයුරු දක්නට ලැබේ.

අදාල පුද්ගලයා සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර තරුණියන් ඔහුට පහරදෙන අවස්ථාවේ ඔවුන් තරුණියන්ට පහර දෙන්නට උත්සහ කර තිබේ.

කෙසේ වෙතත් පසුව මේ පුද්ගලයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බස් රථයේ ගමන් කරමින් සිටි මගියෙක් මෙම සිද්ධිය වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මෙම තරුණියන් දෙදෙනාගේ සහයට බසයේ සිටි අනෙක් මගීන් නැගී නොසිටීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රශ්න කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>