බ්ලුමැන්ඩල් වෙඩි තැබීම පාතාල කල්ලි අතරයි

null

බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ (31) දිනයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවු සිදුවීමක් බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු අපේක්ෂක සුජීව සේරසිංහ මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ එම වෙඩි තැබීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති බව යි.

මෙම වෙඩි තැබීම පිළිබඳ විමර්ශන කටයුතු රහස් පොලීසියට පවරා ඇති අතර දැනටමත් කීප දෙනෙක් ගෙන් ප්‍රශ්න කොට ඇති බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පෙන්වා දෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

ලංකාදීප පුවත්පත එම සිදුවීමේ දී ආමි සම්පත් නැමැති පාතාල සාමාජිකයා එහි සිටි බවත් එහිදී තුවාල ලැබුවේ නම් ඔහු සොයා ගැනීමට වෙහෙසෙන බවත් සඳහන් කර තිබේ. ඔහු ඉලක්ක කරගෙන වෙඩි පහර එල්ලවී ඇති බව සඳහන්.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව අත්පත්‍රිකා බෙදාහැරීමේ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සංඛ සහ ආමි සම්පත් ඇතුළු පාතාලයට සම්බන්ධ කිහිපදෙනකුම සිට ඇත. ඒ බව එම අත්පත්‍රිකා බෙදාහැරීමට ගිය කිහිප දෙනකුම ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

හඳුනාගෙන ඇති ආකාරයට අනුව ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවැසෙන්නේ පැතුම් නමැති පාතාල අපරාධකරු ඇතුළු සිව් දෙනකුගේ කණ්ඩායමකි. පැතුම් නමැත්තා දෙමටගොඩ චමින්ද නමැති පාතාල ප්‍රබලයාගේ ගෝලයෙක් බව ‍පොලීසිය කියයි. චමින්ද දින කිහිපයකට පෙර වරෙන්තුවකට බන්ධනාගාරගතව සිටී.

වෙඩි තැබිම වන මොහොතේ රවි කරුණානායක මහතාගේ මාධ්‍ය කණ්ඩායමක්ද එම ස්ථානයේ සිට ඇත. ඒ අයගේ වීඩියෝ පටවල මෙම ප්‍රහාරයේ ඇතැම් සිදුවීම් පටිගත වී ඇති බැවින් එම වීඩියෝ පට ‍පොලිස් භාරයට ගැනීමට පියවර ගන්නා බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>