බ්ලූමැන්ඩල් ඝාතකයන් පැමිණි රථය සන්ධාන කාර්යාලයකින් හමුවේ

null

බ්ලූමැන්ඩල් ප්‍රහාරය සඳහා පාතාල සාමාජිකයන් පැමිණි හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය මෙවර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කරන අපේක්‍ෂකයන් දෙදෙනකුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාර්යාලයක සඟවා තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වාහනය ධනසිරි අමරතුංග හා සුසිල් ප්‍රේමජයන්ත එක්ව වැල්ලම්පිටියේ පවත්වා යන පක්ෂ කාර්යාලයක සගවා තිබී මෙලෙස හමුවී ඇත. පසුව මෙම ඝාතන සිද්ධිය හා සම්බන්ධයක් ඇති බවට සාධාරණ සැකයක් මතුවන දේහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග ඒ සම්බන්දයෙන් ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශයක් ලබාදී තිබේ.

නෙත් ගුවන් විදුලිය අමතමින් ඔහු පවසන්නේ තමාගේ වසර 21 ක දේශපාලනය තුළ මේ දක්වා තමාට විරුද්ධව පොලිසියේ ඇන්ටි්‍රයක් හෝ වැටී නැති බවත් මෙම වාහනය තමන්ට අයත් කාර්යාලයක හසුවූ බව කියවෙන නමුත් ඒ ගැන තමා කිසිවක් දන්නේ නැති බවත්ය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ පාතාල සාමාජිකයකු බව කියන අමිල නමැත්තාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීමෙන් පසු මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාරයට පැමිණි සෙසු සැකකරුවන්ද හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටින අමිල නමැත්තා භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ ද සැකකරුවකු වන අතර ඔහු එම සිද්ධියට අදාළව මේ වන විට ඇපමත සිටී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>