බ්ලූමැන්ඩල් පැතුම් අත්අඩංගුවට

null

පාතාල සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන බ්ලූමැන්ඩල් පැතුම් නමැත්තා කොළඹ දිසා දූෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් තොගයක් සමග අදාළ පුද්ගලයා ඊයේ(13) රාත්‍රීයේ කොළඹ දිසා වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 15ක් සහ හෙරොයින් ග‍්‍රෑම් 10යි මිලිග‍්‍රෑම් 240ක් ද සොයා ගැනුණු බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය මැතිවරණ සමයේ කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේදී ඊට මැදිවූ පුද්ගලයෙකු ලෙස බ්ලූමැන්ඩල් පැතුම් නැමැත්තා සැළකෙන බව ඔහු වැඩි දුරටත් පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>