බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

null

පසුගිය ජුලි 31 වනදා කොටහේන බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අංගුවට ගෙන තිබේ.

අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය. 28 හැවිරිදි විදානගමගේ අමිල නම් වු ඔහු කායවර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අයෙක් බව සඳහන්ය.

ඔහුගෙන් ලද තොරතුරු ඔස්සේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික‍ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හඳුනාගැනිමට සහ ආයුධ සොයා ගැනීම සඳහා ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය සඳහන් කර ඇත.

මේ අතර අදාළ වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් හෙළිකර ගෙන ඇති බව සඳහන්.

පසුගියදා සිදුවූ එම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මියගිය අතර තවත් 12 දෙනෙකුට තුවාල සිදුවිය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>