බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පවුම් මිලියන 6.6ක ආධාරයක්

null

දිර්ඝ කාලීන යුද්ධයකින් පසු ප්‍රකෘතිමත් වෙමින් පවතින ශ්‍රී ලංකාවට ස්ටර්ලිං පවුම් මිලියන 6 යි දශම 6 ක ආධාර ලබාදීමට බ්‍රිතාන්‍ය එකඟත්වය පළ කර තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ මෝල්ටාවේ – වැලාටා නුවරදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය සහ සශ්‍රීකත්වය උදෙසා බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලීන කැපවීම සනිටුහන් කරමින් පවුල් මිලියන 6 යි දශම 6 ක මූල්‍යාධාර ලබාදෙන බවයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එහිදී ප්‍රකාශ කර ඇත.

ඉදිරි තුන්වසර තුළ එම මූල්‍යාධාර ශ්‍රී ලංකාවට ලබාදෙන බවද හෙතෙම සඳහන් කර තිබේ.

මෙරට ආරක්ෂක හමුදාවල සිදුකෙරෙන ප්‍රතිසංවිධාන සඳහා බ්‍රිතාන්‍ය හමුදා පුහුණුව ලබාදීම ද ඊට ඇතුළත් වන බව බ්‍රිතාන්‍යයේ ‘‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’’ පුවත්පත වාර්තා කරයි.

යුද්ධය හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචිකරලීම සඳහා ද බ්‍රිතාන්‍ය ආධාර හිමිවනු ඇති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>