බ්‍රිතාන්‍ය මැතිවරණයට ශ්‍රී ලාංකිකයින් 4

null

ආසන 650 ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද ආරම්භ විය. මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ඉදිරිපත්වී සිටින බව වාර්තා වෙයි.

ලිබරල් ප්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් චමිලා ප්‍රනාන්දු ඉදිරිපත්ව සිටින අතර උමා කුමරන් ඉදිරිපත්ව ඇත්තේ කම්කරු පක්ෂයෙන්. එමෙන්ම කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ කරනු ඇති.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 50,000 ක්. මිලියන 50 ක් බ්‍රිතාන්‍ය ජනතාව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර මෙවර මහ මැතිවරණයෙන් අපේක්ෂකයන් තෝරා පත් කරගැනෙන්නේ බ්‍රිතාන්‍යයේ 56 වන පාර්ලිමේන්තුවටයි.

කන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඩේවිඞ් කැමරනුත් එඞ් මිලිබෑන්ඞ් කම්කරු පක්ෂයෙනුත් මැතිවරණයට ඉදිරිපත්ව සිටි.

ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි පිලිවෙලින් ඔවුන්ගේ තොරතුරු පහතින්…

1. චමාලි ප්‍රනාන්දු

ඇය 1979 වසරේදී උපත ලබා ඇති අතර මේ වන විට 36 වන වියේ පසුවේ. ඇගේ දෙමාපියන් වන්නේ, වින්නඹු මාතාවක ලෙස සේවය කළ වනිතා ප්‍රනාන්දු සහ නීතීඥ සුමල් ප්‍රනාන්දු යුවළ යි. චමාලි ප්‍රනාන්දු මේ වන විට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින අතර ඇය මෙවර කේම්බ්‍රිජ් නගරයේ කන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාව ලෙස තරග කරයි. නීතීඥවරියක වන චමාලි ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ බැරිස්ටර් උපාධිධාරිනියක ‍වේ. චමාලි ප්‍රනාන්දු පවසන්නේ, තමන් උසස් පෙළ විභාගය වෙනුවෙන් දේශපාලන විද්‍යාව හැදෑරූ සමයේ සිට දේශපාලනයට පිවිසීමේ කැමැත්තක් ඇති වුණු බව ය.

2. රනිල් ජයවර්ධන

ඊසාන දිග හැම්ප්ෂයර් ආසනයේ කොන්සවේටිව් පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් ජයවර්ධන තරග වදී. 2008 වසරේ සිට ඔහු කොන්සවේටිව් පක්ෂයේ දේශපාලනඥයෙකු ලෙස ක්‍රියා කරයි. ආර්ථික විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබා ඇති රනිල්, බ්‍රිතාන්‍ය වත්මන් ආර්ථික තත්ත්වය නගා සිටුවීම පිළිබඳව අවධානය යොමු කරයි. ඔහු පවසන්නේ, තමන් උපත ලද හැම්ප්ෂයර් ප්‍රදේශය ඔසවා තැබීම සඳහා කටයුතු කරන බව ය.

3. උමා කුමරන්

උමා කුමරන් යනු ශ්‍රී ලාංකික දෙමළ ජාතික මව්පිය යුවළකට දාව ලන්ඩනයේදී උපත ලැබූ තරුණියකි. ඇයගේ දෙමාපියන් මෙරට පැවති යුද්ධ සමයේ බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් තිබේ. දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ පශ්චාත් උපාධියක් ඇය සතු ය. භාෂා 4ක් කතා කිරීමේ හැකියාව ද ඇය සතුවේ. ඇය බ්‍රිතාන්‍යයේ ගුවන් විදුලි නිවේදිකාවක සහ වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙස ද කටයුතු කරයි. ඇය මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග වදිනුයේ, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හැරෝ ආසනයේ අපේක්ෂිකාව ලෙස ය.

4. සොකලිංගම් යෝගලිංගම්

සොකලිංගම් යෝගලිංගම් ජාතික ලිබරල් පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග වදී. ඔහු ද ශ්‍රී ලංකාවේ උපත ලැබූවෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>