බාලවයස්කාරියක රවටා රැයක් ගතකළ තරුණයෙක් දැලේ

null

පසුගිය 25 වැනිදා රාත්‍රි අම්පිටියේ නිවසකදී 15 හැවිරිදි පාසල් සිසුවියක රවටා ඇයත් සමග රාත්‍රි ගත කළ තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පාසල් සිසුවියගේ පියා විසින් තලාතුඔය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවූ දැරියගේ පෙම්වතා යෑයි සැලකෙන දහනව හැවිරිදි තරුණයා මහනුවර අංක 01 අතිරේක මහෙස්‌ත්‍රාත් සේසිරි හේරත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්‌ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර මෙම අගෝස්‌තු මස 15 වැනිදා යළි අධිකරණයට හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබේ.

දැරිය වෛද්‍ය පරීක්‌ෂණ සඳහා මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කරන්නට යෙදුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>