බාලවයස්කාරියක සමග අඹුසැමි ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු රිමාන්ඩ්

null

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් සමග අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බව කියන අයෙකුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා නියෝග කර තිබේ.

අදාල සැකකරු කල්පිටිය ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි අයෙකු වන අතර 14 හැවිරිදි දැරිය සමග කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්, එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතවරය සිදුවී ඇති බවත් කල්පිටිය පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

අතවරයට ලක්වූ දැරියද කල්පිටිය – ධීවර ගම්මානයේ පදිංචිව සිටින දැරියක වන අතර ඇගේ මව කල්පිටිය පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තමන් නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු තම දියණිය සමග අඹු – සැමි ඇසුරක් පවත්වා ඇති බවය.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>