බාලවයස්කාරිය ගැබිණියක් කළ තරුණයකු සොයා පරීක්ෂණ

null

වයස අවුරුදු 14 ක පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් අඹු – සැමි ඇසුරක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන තරුණයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි.

සැකකරු අදාළ තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ ජුලි මස 25 වැනිදා සැකකරු දැරිවියද කැටුව මාවතගම – ඉලුක්වෙල ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් ඇත.

මෑතක දී දැරිවිය තම මව්පියන් හමුවට පැමිණ ඇත. තම දියණිය කිසියම් අසනීප තත්ත්වයකින් පෙළෙන බැවින් ඇයව වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට දැරිවියගේ මව්පියන් කටයුතු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මේ වන විට ඇය ගැබිණියක බවය.

පසුව දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් වලදී දැරිව පවසා ඇත්තේ තමා කැදවාගෙන ගිය දිනට පසු දින සිට ඔහු තමන් සමග අඹු – සැමි ඇසුරක් පැවැත්වූ බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>