බැංකුවල අක්‍රීය ගිණුම් රජයට පවරා ගන්නේ නෑ

null

2016 වසරේ අයවැය යෝජනා අනුව බැංකුවල පවතින අක්‍රීය ගිණුම් රජයට පවරා ගැනීමක් සිදු වන බවට පුවතක් පසුගියදා ප්‍රචාරය වුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ බැංකුවල පවතින අක්‍රීය ගිණුම් රජයට පවරා ගැනීමක් සිදුනොවන බවත්, මෙය බැංකු පනතේ දැනටමත් තිඛෙන විධිවිධානයක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත් ය.

ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා අක්‍රිය ගිණුම් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ වසර 10කට වැඩි කාලයක් අක්‍රිය වී ඇති බැංකු ගිණුම්වල තැන්පතු මුදලේ වටිනාකමෙන් සියයට අනුවක් මහ බැංකුව වෙත පවරා ගැනීම දැනට සිදු කෙරෙන ක්‍රමවේදය බවයි.

ඉතිරි සියයට දහය අදාළ බැංකුව භාරයේ තිඛෙන අතර කිසියම් තැන්පතුකරුවෙකු පැමිණි අවස්ථාවක ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර මහබැංකුව විසින් අදාළ මුදල ආපසු ලබාදෙනු ලබයි.

2016 වසරේ අයවැය යෝජනා අනුව සිදුවන්නේ මෙතෙක් එවැනි අක්‍රිය ගිණුම්වල පැවති මුදල්, මහබැංකුව වෙනුවට මහාභාණ්ඩාගාරය වෙත යාම පමණක් බව එහිදී අනාවරණය කෙරුණි.

එබැවින් ඒවායේ සුරක්ෂිතතාවය පිළිබඳ සැකයක් තබාගැනීම අනවශ්‍ය බවද මෙහිදී අවධාරණය කර ඇත.

මේවන විට ශ්‍රී ලංකා මහබැංකුව සතුව රුපියල් බිලියන 03.2 ක වටිනාකමෙන් යුත් අක්‍රිය මුදල් තැන්පතු තිඛෙන බව මෙම මාධ්‍ය හමුවේදී සඳහන් විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>