30 Dec 2015
බැංකුවල තැන්පත් කර ඇති අක්රිය ගිණුම් වල මුදල් රජයට
මෙවර අයවැය යෝජනාවලියේ තවත් විශේෂිත යෝජනාවක් වුයේ මෙරට බංකුවල ඇති කලකින් භාවිතා නොකරන ලද බැංකු ගිණුම්වල ඇති සියළු මුදල් රජයට පවර ගැනීමටයි.
එම යෝජනාව 2016 නව වසරේ ජනවාරි පළමු වන දින සිට ක්රියාත්මක කිරීමට නියමිතයි.
ආර්ථික විද්වතෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙය අහිංසක ජනතා මුදල් ආණ්ඩුවේ උවමනා සඳහා යොදා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.
මේ බව අයවැය යෝජනාවලියේ 275 වන වගනිතියේ දැක්වෙන්නේ මෙසේය. “අක්රීය ගිණුම්” යනු කුමක්දැයි මෙහි අර්ථ නිරූපණයක් දක්වා නැති අතර එය ඕනෑම දිගු හෝ ඉතා කෙටි කාල පරාසයක් භාවිතා නොකරන ලද ගිණුම් විය හැකි බව උපකල්පනය අසාධාරණ නැත.