බැංකුවේ 12 දෙනෙක් සිටියදී තනි කොල්ලකරු මුදල් රැගෙන පළාගිය හැටි
ධර්මපාල මාවතේ රතුකුරුස මූලස්ථානය අසල පිහිටි වානිජ බැංකුවක් අද උදේ 7.10 ට විවෘත කරද්දී සේවකයින් 8 දෙනෙක් සහ ආරක්ෂකයින් 4 දෙනෙක් එහි සිට ඇති බවත් කොල්ලකරු ඒ සියලුදෙනා යටත් කරගෙන කොල්ලය සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
කළු පැහැති හිස් වැසුමක් සහ කබායක් පැළඳගත් පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම සිදුකර පළාගොස් ඇත.
මොහු පෙරවරු 7.05 ට පමණ වේගයෙන් පැමිණි යතුරුපැදිය – බැංකු පරිශ්රය තුළට ඇතුලූ කර තිබේ. පසුව සැකකරු යතුරුපැදියෙන් බැස බැංකුවේ ආරක්ෂකයන්ට ගිනි අවිය පෙන්වා තර්ජනය කොට පහරදී බැංකුව තුළට පිවිස ඇති බව සඳහන්.
සේවකයින් 8 දෙනෙක් සහ ආරක්ෂකයින් 4 දෙනෙක් ඒ මොහොතේ සිට ඇති බවත්, කොල්ලකරු ඒ සියලුදෙනා යටත් කරගෙන කොල්ලය සිදුකර ඇති බවත් පැවසෙයි.
මෙම පහරදීමෙන් එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබේ. ඒ අවස්ථාව වනවිට බැංකු නිලධාරීන් භාරයේ තිබූ රුපියල් ලක්ෂ 55ක මුදලක් රැගෙන යළි යතුරුපැදියෙන් පලාගොස් ඇත.
මේ වනවිට කොල්ලකෑම සිදුවූ ස්ථානය නිරීක්ෂනය කර ඇති පරීක්ෂණ කණ්ඩායම් බැංකු ගොඩනැගිල්ලේ සහ ඒ අවට පිහිටි සී සී ටී වී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කර තිබේ.