බැංකු කොල්ලකරු ගෙනා බෝම්බය පිපිරී 2ක් මරුට

null

කැකිරාවේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවෙකු අත්බෝම්බයක් පුපුරුවා හැරීමෙන් බැංකු ආරක්ෂකයෙකු මෙන්ම අදාල කොල්ලකරු ද මරණයට පත් වී තිබේ.

අත්බෝම්බයක් රැගත් කොල්ලකරු බැංකුව කොල්ලකෑම සඳහා ඊට ඇතුලූවීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු නැවැත්වීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබේ. එහිදී මෙම පිපිරීම සිදුව ඇත.

ඒ පිලිබඳ කරුණු දක්වු පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මියගිය කොල්ලකරු ඉකුත් දා දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවක සිදු වූ මුදල් කොල්ලයකද සැකකරු බව දැනට කළ විමර්ශනවලින් හෙලිවී තිබෙන බවයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් පස්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ. කැකිරාව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>