බැංකු කොල්ලයට පැමිණි තිදෙනා ගඟේ පැනලා

null

බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ රජයේ බැංකුවක් කොල්ලකෑමට ඊයේ (23) පස්වරුවේ සිවු දෙනෙකු පැමිණ තිබේ. බැංකුවට ඇතුළුවූ මොවුන්ගෙන් එක් අයෙකු සතුව පිස්තෝලයක් තිබෙණු දුටු බැංකු කළමණාකාරවරයා වහාම බැංකුවේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කර ඇත.

ඉන් කළබලයට පත් වූ කොල්ලකරුවන් බැංකුවෙන් ඉවතට පැණ යෑමට සැරසෙද්දී අවට රාජකාරීයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් පසුපස හඹාගොස් ඇති බව පොලීසිය පවසයි.

එහිදී එක් සැකකරුවෙකු ත්‍රීරෝද රථයකින් පලාගොස් ඇති අතර අනෙක් තිදෙනා අසල ඇති ගඟකට පැණ පලා යෑමට උත්සහා කරද්දී ගම්වාසීන්ගේද සහය ඇතිව පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ගඟට පැන ඇති එක් සැකකරුවෙකු මෙතෙක් සොයා ගැනීමට නොහැකී වූ බවද පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>