01 Dec 2015
බැංකු සේවකයෝත් වැඩ වර්ජනයකට සැරසෙයි
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති පිළිගත නොහැකි යෝජනා කිහිපයකට විරෝධය කරමින් බැංකු සේවකයින් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වෙයි.
ලංකා බැංකු සේවක සංගමයේ සභාපති එස්.පී. ජයරත්න මහතා සඳහන් කලේ ණය සීමාවන් පණවමින් බැංකු අකර්මනය කිරීමේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන් විරුද්ධ බවයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන් ද වැඩ වර්ජනයකට සැරසෙයි. ඒ රාජ්‍ය සේවයට හානි කරන සියලූ යෝජනා අයවැයෙන් ඉවත් කරගත යුතු බව පවසමින්.