බැංකු 20ක් අද වර්ජනයේ

null

බැංකු ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළුවලට අයවැයෙන් විසදුම් නොලැබීම සහ අයවැය මගින් බැංකු ක්ෂේත්‍රයට සිදුවන අහිතකර බලපෑම් මුල් කරගෙන අද දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා, බැංකු සේවක සංගමය පවසයි.

අදාළ වැඩ වර්ජනය සඳහා රාජ්‍ය බැංකු 8ක සහ පෞද්ගලික බැංකු 12ක සේවකයින් 30,000ක් පමණ එක්ව සිටින බව වාර්තා වෙයි.

සෙසු වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයෙන් ඉවත් වද්දී ලංකා බැංකු සේවක සංගමය පමණක් තවදුරටත් වැඩවර්ජනය කරන්නේ මන්දැයි විමසීමකදී ඊට පිළිතුරු දුන් එම සංගමයේ විධායක සභික කේෂර කෝට්ටෙගොඩ මහතා මෙසේ පවසා තිබේ.

“වර්ජනයෙන් ඉවත්වීම ඒ ඒ සංගම්වල හැකියාව මත සහ ඒ සංගම් ඔවුන්ට ලැබුනයි පවසන මේ අගමැතිවරයාගේ ප්‍රකාශ මත ගනු ලබන තීන්දුවක්. නමුත් අගමැතිවරයාගේ ප්‍රකාශයන් තුළ බැංකු සේවක සංගමය මේ ජනතා අහිතකර අයවැයේ තියන දේශීය බැංකු පද්ධතියේ ගණුදෙනුකරුවන් සහ බැංකු පද්ධතිය විනාශ කරන නිශ්චිත කාරනා සම්බන්ධව කිසිදු පිළිගත හැකි ප්‍රකාශයක් හෝ ඒ කරපු ප්‍රකාශයේ ගතයුක්තක් නැහැ.අන්න ඒක පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු ලංකා බැංකු සේවක සංගමය තමයි තීන්දු කරේ මේ වර්ජනය අඛන්ඩව ඉදිරියට ගෙනියනවා කියලා”.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>