බැරක් ඔබාමාගේ ක්‍රෙඩිට් කාඩ් පත ප‍්‍රතික්ෂේප වෙයි

null

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට පසුගිය දිනක ආපනශාලාවක් තුළදී අනපේක්ෂිත සිදු වීමකට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ ඔහු තම බිරිඳ මිෂෙල් ඔබාමා සමග රාත්‍රී ආහාරය සඳහා නිව්යෝක්හි ආපනශාලාවකට ගිය අවස්ථාවේදී ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

ජනාධිපති බැරක් ඔබාමා මෙකී සිද්ධියට මුහුණ දී තිබෙන්නේ මීට සති කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සහභාගි වී සිටියදීයි. කෙසේවෙතත් එය ලෝකය හමුවේ අනාවරණ වූයේ ඊයේ දිනයේ බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.

ආහාර ගැනීමෙන් පසු ඔහු ක්‍රෙඩිට් කාඩ් පත ආපනශාලා සේවකයින්ට ලබාදී ඇති අතර එය ප්‍රතික්ෂේප වී තිබේ. සේවකයින් සැකපළ කර ඇත්තේ අදාළ ක්‍රෙඩිට් කාඞ් පත ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවටයි.

එය එසේ නොවන බව ඔවුන්ට වටහා දීම සදහා තමන්ට දැඩි ප‍්‍රයත්නයක් දැරීමට සිදුවූ බව ජනාධිතිවරයා පසුව පවසා තිබේ. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අදාල ක්‍රෙඩිට් කාඞ් පත තමන් නිතර නිතර භාවිත නොකරන බවයි. එය ප‍්‍රතික්ෂේප වන්නට ඇත්තේ ඒ නිසා විය හැකි බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. වාසනාවකට මෙන් සිය ආර්යාව වන මිෂෙල් ඔබාමා සතුව තවත් ක්‍රෙඩිට් කාඞ් පතක් තිබූ බැවින් එම ක්‍රෙඩිට් කාඞ් පතෙන් තමන් නියමිත ගෙවීම සිදුකළ බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>