බැසිල්ට සහ උපුල්ට ඇප ලැබේ

null

පොදුදේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනාට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රැපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප හතරක් මත ඔවුන් නිදහස් කරනු ලැබීය. ඔවුන්ට විදේශගතවීම තහනම් කර ඇති අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමද නොකළ යුතු බව මහාධිකරණය විසින් දැනුම්දී තිබේ.‍ එසේම සෑම මසකම අවසන් ඉරිදා දින කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති හමුවේ පෙනී සිටිය යුතුවේ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඉක්බිතිව මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ද ඇපමත නිදහස් කර තිබේ.

අදාළ නඩුව අද නැවත කැඳවු අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 25.000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>