බැසිල් අද කඩුවෙල අධිකරණයට

null

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දිව නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සිදුවු බවට එල්ල වු චෝදනා මත ඉකුත් මස 22 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් බැසිල් රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගත අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව හිටපු අමාත්‍යවරයාව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ.රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් සැකකරුවන් අතර වෙයි.

බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ සැකකරුවන් සිව්දෙනා වෙනුවෙන් අද අධිකරණයෙන් ඇප ඉල්ලා සිටින බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>