බැසිල් කියන්නේ මුල අමතක වන කෙනෙක්

null

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල අමතක වන කෙනෙකු බවත්, එවැනි කෙනෙක් පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළට සෙනග රැගෙන යාම ගැන කණගාටු වන බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (21) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ආණ්ඩු සමයේදී රටේ අගමැතිවරයා ලෙස පත් කරවීමට නොහැකි වූ බවත්, එදා අපිට ඉදිරිපත් වන්නට කොන්දක් තිබුණෙ නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු සඳහන් කර ඇත්තේ එම තනතුරට සුදුසුම පුද්ගලයා රවී කරුණානායක මහතා බවත්, තමන් ඔහු වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදානම් බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>