23 Jun 2015
බැසිල් ගැන තවත් හෙළිදරව්වක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් රුපියල් ලක්ෂ 1050ක් පමණ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වියදම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසන්නේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට යැයි කියමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට පවා මෙම මුදල් භාවිත කර ඇති බවත්, භික්ෂුන් වහන්සේලා රැස්වීම්වලට වැඩමවා ගැනීමට සහ පෙරළා වැඩමකරවීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැයකර ඇති බවත්,මේ සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතුව ඇති බවත් ය.
කොළඹ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එම මාධ්‍ය හමුව ද නම් කර තිබුණේ හෙළිදරව්ව යන නමින් වීම ද විශේෂත්වයක්.