21 Apr 2015
බැසිල් දිවයිනට පැමිණේ
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. ලන්ඩන් වල සිට ඩුබායි දක්වා පැමිණ එහි සිට EK348 දරණ ගුවන්යානයෙන් ඔහු පැමිණි බව වාර්තා වේ.
හිටපු අමාත්‍යවරයා පිළිගැනීම සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඇතුලූ කිහිපදෙනෙකු ගුවන් තොටුපලට පැමිණ සිටියේය.
දිවයිනට පැමිණිමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රාජපක්ෂවරු ජනතාවගෙන් සත පහක මුදලක් වංචා කර නොමැති බවයි.
එසේම ඉදිරි දින කිහිපය තුළ පොලීසියට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවත්, තමා ප්‍රමුඛත්වය ලබාදෙන්නේ තමාට එරෙහි එල්ල වී ඇති චෝදනාවන්ට සහය ලබාදීමට බවත්, හෙතෙම එහිදී කියා සිටියේය.
pics – නෙත් නිව්ස්