බැසිල්, නාමල්, කබ්රාල්ට එරෙහිව අල්ලස් පැමිණිලි

null

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ තීරණය කර තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ ඔවුන්ට එරෙහිව හෙට(13) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන බව ය.

දූෂිතයින් මේ වන විට රට හැර යමින් සිටිනා බවත්, ඔවුනට නිදැල්ලේ රට හැර යාමට ඉඩ නොදිය යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>