බැසිල් රෝහලෙන් බන්ධනාගාරයට

null

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙම මස 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒ මහතා අද කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ.රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් අද දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේදී විත්තියේ නීතිඥයා කරුණු දක්වමින් කියා සිටියේ දිවිනැඟුමට මුදල් ලබාදීමට අදාළව කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බව හා එසේ ලබාදෙන බවට එවක මුදල් ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් ලිඛිතව දන්වා තිබුණු බවයි.

එසේ වුවද එකී මුදල් ප්‍රමාදවීම හේතුවෙන් ඉහළින් ලැබුණු නියෝගයකට අනුව දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ගේ මුදල් වලින් ගෙවීම් කළ බව විත්තියේ නීතිඥයින් පෙන්වා දී තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියේ තම සේවාදායකයන් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ඔවුන් තවදුරටත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරෙනු ඇති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>