බැසිල් ලංකාවට ගෙන්වා ප්‍රශ්න කිරීමේ සූදානමක්

null

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මෙන්ම හිටපු මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සහොදරයෙකුද වන මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගෙන් අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට පොලීසිය කටයුතු සූදානම් කරමින් සිටි.

ඒ සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත.

“දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතාවයක්, දිවිනැගුම නිවාස ලාභින්ගේ නිවාස අලුත්වැඩියාවේදී සිදුවූ මුදල් අක්‍රමිකතාවයක්, ලිත් තොගයක් මුද්‍රණය කිරීමේදී සිදු වී ඇති මුදල් අක්‍රමිකතාවයක්, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දීම සම්බන්ධ සිද්ධියක්, ඒ වගේම පවත්වන ලද සම්මේලනයක් සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වියදම් කිරීමේ සිද්ධියක්. මේ එක් එක් සිද්ධි සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරන්න හිටපු අමාත්‍යවරයාව අවශ්‍ය වෙලා තියෙනවා. මේ එක් එක් සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනවම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරලා තියෙනවා. මේ අවශ්‍යතාවයත් අධිකරණයට දැනුම්දීලා තියෙනවා.”

බැසිල් රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජයෙන් පසුව මේ වන විට ඇමෙරිකාවට ගොස්සිටී. ඔහු ඇමෙරිකානු පුරවැසි ලභියෙක්ද වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>