19 May 2015
බැසිල් හදිසියේ අසනීපවෙයි
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයට ඇතුළත් කර තිබේ.
ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස පරීක්ෂාවකට යොමු කළ බව වාර්තා වේ.
කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව ද මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.