බැසිල් හිරේ ගියාට කමක්‌ නෑ

null

දේශපාලනඥයෙකු වශයෙන් බැසිල් රාජපක්‍ෂ හිරේ ගියාට කමක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන්ද මාස තුනක්‌ හිර ගෙදර සිටි බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනඥයකු වශයෙන් මෙවැනි අත්දැකීමක්‌ ලැබීම නරකක්‌ නොවන බවද පැවසීය.

මාතලේ පුරිඡ්ජල ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාම ශ්‍රී සංඝබෝධි පිරිවෙන් විහාරස්‌ථානයේ නව දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (23) සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස්‌ පළ කළේය.

එමෙන්ම තම සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතාට ආපසු නොපැමිණ සිටීම සදුසු යැයි තමන් පැවසූ බවද, එවිට බැසිල්ගේ පිළිතුර වුයේ හොරෙකු ලෙස හංවඩු ගැසෙනවාට වඩා පරීක්ෂණයක් පවත්වා තමන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීම වැදගත් බවද, හිටපු ජනපති සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>