බැසිල් හෙට දිවයිනට පැමිණෙයි

null

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට 21 අමෙරිකාවේ සිට යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මුදල් වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සඳහා ඔහුව මෙලෙස කැඳවන ලදී.

ඒ සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද පසුගිය දිනක නිකුත් කළේය.

තමන් ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ඉකුත් ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ භාර්යාව සමඟ හොර රහසේම ඇමරිකාව බලා පිටත්ව ගියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>