බෑගයෙන් හමුවූ කත මැරුවේ සෙරෙප්පුවෙන් ගැසූ කේන්තියටයි

null

කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව – බැස්ටියන් මාවත – බස් නැවතුම්පළේ දමා ගිය පැටි‍්‍රක් කින්නරාසා නමැති සැකකරු මේ මස 12 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු අත්අඩංගුවට ගැනුනේ මන්නාරම ප‍්‍රදේශයේදීයි. හඳුනාගත නොහැකි ලෙස සැකකරු සිය මුහුණේ ස්වරූපය වෙනස් කරගෙන සිටි බවයි පොලීසිය පවසයි. ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ද මෙහිදී අධිකරණය අවසර ලබාදී තිබේ.

කාර්තිකා නමැති අදාළ කාන්තාව ලැගුම්හල තුලදී සෙරප්පුවකින් පහරදුන් බවත්, ඉන් කුපිත වූ තමන් ඇගේ ගෙල සිර කළ බවත් සැකකරු පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇත.

ගෙල සිර කිරීමෙන් සිහිසුන් වූ කාර්තිකාගේ සිරුර ගමන් මල්ල තුළට දමා ලැගුම්හලෙන් පිටතට රැගෙන විත් බැස්ටියන් මාවතේ දමා ගිය බව සැකකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>