බෑන් කී මූන්ගේ දේශපාලන ලේකම්වරයා දිවයිනට

null

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ විෂය භාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් දින 4ක සංචාරයක් සඳහා අද අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙරට සංචාරය අතරතුර දී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ ඉහළපෙලේ නිලධාරීන් සහ දේශපාලකයින් පිරිසක් හමුවී සාකච්ජා කිරීමට නියමිතය.

ගෝලීය වශයෙන් සාමයට සහ ආරක්ෂාවට අදාළ වන කරුණු පිළිබදව මහලේකම්වරයා වෙත උපදෙස් ලබාදීම සඳහා පිහිටුවා ඇති ජගත් සංවිධාන දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වන්නේ ද ඔහුයි. අප‍්‍රිකාව, මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ යහපාලන කි‍්‍රයාවලියට අදාළ දේශපාලන කි‍්‍රයාකාරකම් මෙන්ම ගැටුම් වැළැක්වීමේ රාජ්‍ය තාන්ත‍්‍රික ක‍්‍රමෝපාය සහ සාමය ගොඩනැංවීමේ කටයුතු ඔහුගේ විෂය පථයට අයත්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීමට පෙර ෆෙල්ට්මන් මහතා අමෙරිකාවේ විදේශ සේවයේ වසර 30 කට අධික කාලයක් නියැලී සිට තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>